පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාතේ පරිසර හානි සම්බන්ධයෙන් දැනුම්දීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ ඒකකයක්

    අප්‍රේල් 04, 2021

    මධ්‍යම පළාතේ පරිසර හානි සම්බන්ධයෙන් දැනුම්දීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කෙරේ.

    මධ්‍යම පළාතේ පරිසර හානි සම්බන්ධයෙන් දැනුම්දීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණගාරයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (30) පැවති අතර, ඒහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, මධ්‍යම පළතේ කිසියම් ස්ථානයක පරිසරයට හානි වන ආකාරයේ ක්‍රියාකාරකම් වන්නේනම්, මෙම නව ඒ්කකය වෙත තොරතුරු ලබා දිම සදහා ජනතාවට හැකියාව පවතින බවත් ඒම තොරතුරු වල රහස්‍ය භාවය ආරක්ෂා කරමින් ඒම පැමිණිලි සදහා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම කටයුතු කරනු ලබන බවත්ය.

    ඒ් අනුව මධ්‍යම පළාතේ කිසියම් ස්ථානයක පරිසරයට හානි වන ආකාරයේ ක්‍රියාකාරකමක් සිදුවන්නේනම් දුරකථන අංක 070 4702500 අංකයට හෝ 081 4953248 අංකය ඔස්සේ දුරකථන ඇමතුම් මගින් ඒසේත් නැතිනම් Whatsapp හෝ Viber මගින් ඒම තොරතුරු මධ්‍යම පළාතේ දුරස්ථ මෙහෙයුම් ඒ්කකය (DOS) වෙත ලබාදීමට හැකියාව පවතින පවතී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya