මෙහිදි අමාත්‍යවරයා රටේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා මපුරාලීමට තරම් ප්‍රමාණවත් ටින් මාලු නිෂ්පාදනයක් රට තුළ සිදු නොවන අතර ඒ සදහා අවශ්‍ය ටින් මාලු ප්‍රමාණය විදේශ රටවලින් නිෂ්පාදනය කිරීම වුවද වර්තමාන රජය බලයට පත් වීමත් සමග මත්ස්‍ය අශ්‍රිත නිෂ්පාදන විදේශ රටවලින් ගෙන්වීමේ දි පනවා තිබු බදු ඉහළ නංවා දේශීය කර්මාන්ත කරුවන් දිරි ගැන්වීමට කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදි රට තුළ සිදු කරන මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන සදහා දිරිගැන්විමට කටයුතු කරන බව මන්නාරම පේසාල ප්‍රදේශයේ ටින් මාලු නිෂ්පාදනාගාරයේ නිරික්ෂණ චාරිකාවට එක් වෙමින් පවසා සිටියේ ය.
මෙහිදි ටින් මාලු කර්මාන්තය පවත්වාගන යාම සදහා අවශ්‍ය මත්ස්‍ය තොග ලබා ගැනීමේදි පවතින දුෂ්කරතා පිළිබඳව කර්මාන්තකරුවන් අමාත්‍යවරයාට පැහැදිලි කළ අතර මේ සදහා අවශ්‍ය විසදුම් ලබා දෙමින් රටතුළ පරිභෝජනයට අවශ්‍ය සියලු ටින් මාලු අප රටේ නිපදවීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත්,ඒ සදහා රජයක් ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම අවස්ථාව සදහා ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා,අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,ධීවර අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් කේ.දයානන්දා මහත්මා,රාජ්‍ය ලේකම් ජයන්තචන්ද්‍රසෝම ඇතුලු අමාත්‍යංශයේ උසස් නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.