පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    බුළුපිටිය ජලසම්පාදන යෝජනා ක්‍රමය විවෘත කරයි

    අප්‍රේල් 05, 2021

    ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුළුපිටිය ප්‍රදේශයේ ජනතාවට ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා බුළුපිටිය ජලසම්පාදන යෝජනා ක්‍රමය විවෘත කිරීම ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදී.

     

    ලෝක ජල දිනය සැමරෙන මාර්තු මස 22 දා සිට මැයි මස වෙසක් පුන් පසළොස්වක් පොහෝ දා දක්වා ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව මෙම ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ

    වසර ගණනාවක් මුළුල්ලේ සිය පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිව මහත් පීඩාවට පත්ව සිටි බුළුපිටිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පානීය ජල හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 79.5 ක වියදමින් බුළුපිටිය එකමුතු ජල සමිතියෙ සහ ප්‍රදේශවාසි ජනතාවගේ ප්‍රජා දායකත්වය සවිබල ගන්වමින් ඉදිකෙරුණු බුළුපිටිය ජලසම්පාදන යෝජනා ක්‍රමයෙන් ප්‍රදේශය පවුල් 425 කටත් වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමිවේ.

    බුලුපිටිය ජලසම්පාදන යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා,මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජල සම්පාදන අධීක්ෂණ මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා,ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උප සභාපති නිමල් ආර්. රණවක මහතා,ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් සරත් එන්. රණසිංහ මහතා,ජල සම්පාදන අමාත්‍යතුමාගේ උපදේශක සඳක ගුණසේකර මහතා,ජලසම්පාදන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතා, සම්බන්ධීකරණ ලේකම් ඩී. වී. ඩී. තිලකසිරි මහතා ,මහජන සම්බන්ධතා නිලධාරී ඩඩ්ලි මහතා, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඌව පළාත් අතිරේක සාමාන්‍ය ආධිකාරී රුවන් ලියනගේ මහතා, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි පානීය ජල හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එන්.යූ.කේ. රණතුංග මහතා ,පානීය ජල හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ මොණරාගල දිස්ත්‍රික් කළමනාකාර කසුන් මහතා, ජල සම්පාදන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ප්‍රාදේශීය සහ පළාත් දේශපාලන නියෝජිතයින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් මේ සඳහා සහභාගි විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya