වාහන එකළස් කිරීම , විශේෂයෙන්ම ටයර් සහ සීට් මෙරටදී නිෂ්පාදනය කිරීම, පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කර ඇති බවත් ආයෝජන රටට ගලා එන පරිදි කටයුතු සිදු කරගෙන යන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (05) පාර්ලිමේන්තුවේ සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර විපක්ෂය විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය වසර කිහිපයේදී මෙරටට වාහන ආනයනය කිරීම පහත පරිදි වේ.
2015 - වාහන 647444
2016- වාහන 469304ක්
2017 - වාහන 460201
2018 - වාහන 494488
2019 - වාහන 344059
ඒ අනුව 2015 සිට 2019 දක්වා වසර පහේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසිතුන් දහස් නවසියයක් පමණ වටිනා වාහන මෙරටට ආනයනය කර ඇත.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජය වාහන ආනයනය කිරීම සීමා කළද එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කෝවිඩ් අරමුදල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අජිත් නිවාඩ් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කොවිඩ් වසංගතයට මුවා වෙමින් රජයේ කටයුතු අඩාල කිරීමට විපක්ෂය උත්සාහ දරණ බවයි. කොවිඩ් අරමුදල මහ බැංකු අධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ නිසි පරිදි සිදු කරන බවද රාජය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.