සමෘද්ධි සමාජ ආරක්ෂක අරමුදලේ මුදල් අවිධිමත් ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනයක් මෙන්ම විගනනයක් ද සිදුකරන බව ද ඒ සඳහා පත් කළ විශේෂ කමිටු වාර්තාව තවත් මසක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ජගත් කුමාර මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.
පසුගිය රජය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ විවිධ සම්මුඛ පරීක්ෂණ රාශියක් පවත්වා ඇති බවත් ඒ සඳහා නිසි අනුමැතියක් හෝ ලබා ගෙන නොමැති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා,පසුගිය රජය සිදු කළ එම වරද නිවැරදි කරමින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සහ උසස්වීම් සම්බන්ධයෙන් අවශ්‍ය විසඳුම් ලබා දෙන බවද අවධාරණය කළේය.