රට බල ගන්වන අමාත්‍යාංශයක් ලෙසට විදුලිබල අමාත්‍යාංශය තමං වෙතින් වෙන පරිසර හානිය අවමකර ගැනීමට උත්සාහ දරනවා. ලංකාවේ පරිසරය පිළිබඳව විත්තිකරුවන්ව විත්තිකූඩුවට නග්ගවනවානමි විදුලිබල ඇමතිවරයා විදියට මම එහි දෙවැනි විත්තිකරුවා වනවා. පලමුවැනි විත්තිකාරයා වන්නේ ප්‍රවාහන විශය භාර ඇමතිවරයායි. අපි අපේ බලශක්ති ප්‍රභවයන් වෙනුවෙන් ඩීසල් සහ දැවිතෙල් භාවිතා කිරීම නිසා පරිසරයට කරන උපද්‍රවය තක්සේරු කළ නොහැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් ඵලකළේ, ලාංකීය බැංකු කරණයේ නව මංපෙත් එලි පෙහෙලි කරමින් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පවත්වනු ලබන පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි මාතර දිස්ත්‍රික්කය මූලික කරගෙන පවත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගීවෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
උදාහරණයක් විදියට කිවුවොත් ඊයේ දවසේ අපි ගිගාවෝට් පැය 45කට වැඩිය ජනනය කළා. මෙයින් ගිගාවෝට් පැය පහලොවක් පමණ ජනනය වුනේ ඩීසල් සහ දැවිතෙල් මත. මේ ගිගාවෝට් පැය 15 ද්‍රව ඉන්දන වලින් ජනනය කිරීමෙන් පසුව අපි පරිසරයට එකතු කරපු කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය ඊයේ විතරක් කිලෝ මිලියන 13යි. කිලෝ මිලියන 13ක් කියන්නේ ටොන් 13000ක්. මෙය කොයි තරම් බරක්ද? ඒ නිසා පරිසරය රැකගැනීම වෙනුවෙන් තමයි අපි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇතුලේ ඉලක්කයක් දීලා තියෙන්නේ 2025 වන විට මේ රටේ ද්‍රව ඉන්දන වලින් විදුලිය ජනනය කිරීම 5%කට අඩු කරන්නට හා 2030දී එය 1%කට අඩුකරන්නටයි.
වර්තමාන ලෝකය තමාගේ අනාගත පැවැත්ම මානව සංහතියේ චිරස්තිතිය වෙනුවෙන් තිරසාර සංවර්ධන මාර්ග අනුගමනය කරන්නට පෙළඹී තියෙනවා. මම විදුලි බල අමාත්‍යවරයා විදියට පුනර්ජනනීය විදුලිබල ප්‍රභවයන්ට අනුවර්තනය වීම බලශක්ති සංරක්ශණය, පරිසරයට අහිතකර ක්‍රියාකාරකම් අවම කිරීම වැනි විවිධ ක්‍රියාවලීන් හරහා මානව වර්ගයා ලෙස පරිසර සහජීවනයට හුරුවෙන්නට උත්සාහ දරන්නට අපි කණ්ඩායමක් විදියට ලොකු උත්සාහයක් ගන්නවා. පරිසරය සමග සහජීවනයක් නොමැති තැනක අන් කිසිදේකට පැවැත්මක් නෑ මිත්‍රවරුනි. මතක තියාගන්න පරිසරය මිලියන හාරදහස් පන්සීයක ඉතිහාසයක් තිස්සේ පරිසරය පවතිනවා. අපි මානවයා තාම පෘතුවියේ ගතකර තිබෙන්නේ වසර ලක්ශයයි.
ඉතිං මානවයන් වූ අපට වඩා වසර හතලිස් පන්දහස් ගුණයක් වයසැති පරිසරය සමග ගැටීමෙන් අපට පැවැත්මක් තිබේවියැයි සිතීම මුලාවක්. ඉතිහාසය පොදු ලෝකවාසී අපට වැදගත් පාඩම් රාශියක් කියාදීලා තිබෙනවා. ඒ නිසා බැංකු පද්ධතිය තුළත් පරිසර සංරක්ශණය තමන්ගේ න්‍යාය පත්‍රයට එකතු කිරීම ඉතා වැදගත් කියලයි මම සලකන්නේ. අනාගතයේ අපේ දරුවන්ගේ මුණුබුරු මිණිබිරියන්ගේ ලෝකය ගැන සැනසීමක් ඇතිකර ගන්න නම් මේ පරිසරය සමග සහජීවනය අපේ ජීවන රටාවේ වැදගත්ම අංගය බවට පත්කරගත යුතුයි. එමනිසයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මැතිතුමා එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ඇතුලේ හරිත දෘෂ්ඨිය පුනර්ජනනීය බලශක්තිය නමින් සටහන් කරනු ලැබුවේ.
අපි මේ සෞභාග්‍යයේ දැක්ම අතුලේ ප්‍රතිපත්ති තීන්දු අරගෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගැන විශ්වාස තබා තිබෙනවා. මගේ අමාත්‍යාංශයේ මේ ක්‍රියාවලිය ජාතික ප්‍රතිපත්තියෙන් විතරක් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. එයට පුරවැසියන්ගේ සහය අවශ්‍යයි. එපමණක් නෙවෙයි පුරවැසියන් සමග බහුලව ගනුදෙනු කරන ඔවුන්ට සමීපතම ආයතන වල සහය අවශ්‍යයි. එතැනදී තමයි අපි අද මේ පවත්වන වැඩසටහනට සම්බන්ධ ලාංකීය බැංකු ක්ශේත්‍රය ඉතාමත්ම වැදගත්වෙන්නේ. ඔබ සියලුම දෙනාට ඒ සම්බන්ධයෙන් සුවිශේෂී මෙහෙවරක් කළ හැකියි. රටේ ආර්ථිකයට විශාලතම දායකත්වයක් සපයන රටේ ආර්ථිකය දහනය වෙන්නේ, රටේ පරිසරය දහනය වෙන්නේ දැවිතෙල් මත, ඩීසල් මත, පෙට්රල් මත කියන විශ්වාසයෙන්. රටේ ආර්ථිකය සුවපත් කරන්න නම් අපි ස්තීර වශයෙන්ම රටේ සංවර්ධනයට ඍජුවම සම්බන්ධ වන ඔබ සියලු දෙනාම මේ තිරසාර සංවර්ධනයේ පෙරගමන් කරුවන් වියයුතුයි. මෙවැනි ඩිජිටල් සේවාවන් මෙන්ම හරිත පිළිවෙත් අනුගමනයට නැඹුරුවෙමින් හරිත පැවැත්මකට ආයතන අනුගත කරමින් ඒ වෙනුවෙන් ඔබ නියෝජනය කරන බැංකු ක්ෂේත්‍රය පරිසර සහජීවනයට යොමුකරවමින් පුරවැසියන්ට විශාල කාර්යභාරයක් කරන්නට ඔබට පුලුවන්
ප්‍රතිපත්ති, පනත් සම්පාදනයෙන් පමණක් මෙම ජාතික අරමුණු දිනාගන්නට බෑ, නීති වලින් බෑ මිනිසුන් ලවා හරිදේ කරවන්න. නීතිවලින් පුලුවන් කුමක්ද? නීතිවලින් පුලුවන් මිනිසුන් ලවා වැරදිදේ නොකරවා සිටීම පමණමයි. ආයතනත් මිනිස්සු වගේමයි. ඔබලා නියෝජනය කරන්නතේ බැංකු ආයතන එය හොදින් ම දැනසිටි විසිවැනි ශතවර්ශයේ මුල් භාගයේ එක්සත් රාජධානියේ ජීවත්ව සිටි ආර්ථික විද්‍යාඥයෙකු වූ හාඩ්ලි විදර්ශ් මෙසේ පැවසුවා. යහපත් බැංකුකරණයක් බිහිවෙන්නේ යහපත් නීතිවලින් නොව යහපත් බැංකුකරුවන් ගෙනි යැයි ද පැවසීය.