මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ මව්වරුන් සමඟ බන්ධනාගාර ගත වන බිළින්ඳන්ට ළමා හිත මිතුරු පරිසරයක් ඇති කරලීමත්, ළමා රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවාලීම හා එහි පහසුකම් සංවර්ධනය කිරිමයි.
මේ සඳහා 2021 වසරේදි ලෝක බැංකු මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන ද හිමි වන බවත් මෙම ව්‍යාපෘතිය වැලිකඩ, අඟුණකොළපැලැස්ස,බෝගම්බර,අනුරාධපුර,කුරුවිට,කළුතර යන ආයතන තුළ ක්‍රියාත්මක කිරිමට යෝජිත අතර එහිදී ළමුන් සහ මව්වරුන් රැඳවිමට අවශ්‍ය ගොඩනැගිල්ලක්, ළමා සෙල්ලම් පිටියක් සහ පෙර පාසලක් බන්ධනාගාර පරිශ්‍රය තුළම ස්ථාපිත කිරිම හා දැනට ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්නා ස්ථාන නවීකරණය කිරීම් කඩිනමින් සිදු කිරිමට අපේක්ෂා කරන බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.