පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ජනපති අතට ....  

    අප්‍රේල් 05, 2021

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙනු ලැබීය.

    කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී වාර්තාව භාර දුන්නේය.

    2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිතුමා විසින් කමිටුව පත් කරනු ලැබිණ.

    කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශණය සඳහා කමිටුව තවත් සති දෙකක කාලයක් ලබා ගත්තේය.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ. එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර ඇත.

    නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිතුමා විසින් මීට පෙර නීතිපතිතුමා වෙත යොමු කරනු ලැබීය.

    කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya