භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වෙබ් අඩවියක් වන ශ්‍රී ලංකා ජෛව ආරක්ෂණ නිශ්කාෂණය පිළිබඳ නිල වෙබ් අඩවිය රෙගුලාසි, මාර්ගෝපදේශ, විශේෂඥයින්, අවදානම් තක්සේරු කිරීම, දැනුවත් කිරීම සහ ඊට සම්බන්ධ කර ගතයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. එමෙන්ම ජෛව ආරක්ෂාව සම්බන්ධ තොරතුරු මෙහි අන්තර්ගත වේ.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් පළ කළේය-
ශ්‍රී ලංකාව සතුව ජෛව විවිධත්වයේ විශාල වත්කමක් තිබෙනවා.වර්ග කිලෝමීටරයකට වැඩිම ජෛව විවිධත්වයක් ඇති රට වශයෙන් අපේ රට ප්‍රකටයි. අපට ආවේණික ශාක හා පෘෂ්ඨවංශීන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. එම කරුණු මත පදනම්ව අපේ රට ලෝකයේ “ජෛව විවිධත්වය වැඩිම ස්ථාන (Hotspot) ” වලින් එකක් ලෙස නම් කර තිබෙනවා. . ශ්‍රී ලංකාව සිය ආර්ථිකය පවත්වා ගැනීම සඳහා එහි ජෛව සම්පත් මත දැඩි ලෙස රඳා පවතින අතර ජෛව විවිධත්වයට ඇති ඕනෑම තර්ජනයක් සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත්. පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා අපේ රට ක්‍රියාශීලී ප්‍රවේශයක් අනුගමනය කර ඇති අතර 1994 දී ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය (CBD) අනුමත කළ පළමු රටවලින් එකක් ලෙස අපේ රට හැඳින්විය හැකියි.
ජෛව සුරක්‍ෂිතතාවය යනු සමුහයක් විසින් විසඳිය යුතු ගැටලුවක්. මෙම සංකල්පයට අනුව නූතන ජෛව තාක්‍ෂණික නිෂ්පාදන මගින් ඇති විය හැකි අහිතකර බලපෑම් වලින් මිනිස් සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරම, නවීන ජෛව තාක්‍ෂණය මානව යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහාත් විශාල විභවයක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන් ආහාර, කෘෂිකාර්මික හා සෞඛ්‍ය සේවා සඳහා තීරණාත්මක අවශ්‍යතා සපුරාලීමේදී මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවෙනවා.
වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ ප්‍රයෝජනය සඳහා තිරසාර සංවර්ධනයේ සමස්ත රාමුව තුළ පූර්ව ආරක්ෂාව පිළිබඳ මූලධර්මය මත පදනම් වූ නවීන ජෛව තාක්‍ෂණය ආරක්ෂාකාරීව භාවිතා කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සහතික කිරීම සඳහා රජයේ කැපවීම අලුත් කිරීමට ජෛව සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ජෛව ආරක්ෂණ නිශ්කාෂණ වෙබ් අඩවිය මගින් අපේ රටේ ජෛව විවිධත්වය සම්බන්ධව තොරතුරු ලබා ගත හැකි දත්ත ගබඩාවක් වශයෙන් පවත්වාගෙන යන ලෙස මම එම ඒකකයට දැනුම් දුන්නා. යැයිද පරිසර ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.