පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කුඩා දරුවන්ගේ පෝෂණ ඌනතාවය දුරු කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, දරුවන් පාසල් නොඑන ප්‍රධාන ගැටළු 02ක් පවතින බවත් ඇතැම් දෙමව්පියන්ට උදෑසන ආහාරය ලබා දීමට නොහැකි වීම සහ ගැහැණු දරුවන්ගේ සනීපාරක්ෂක ගැටළු ඊට හේතු වී ඇති බවයි. මෙම වසරේ සිට ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා කටයුතු කර ඇතැයිද , ඉදිරියේදී පෙර පාසල් දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළ බිස්කට් එකක් ලබා දීමේ සැළසුම් සකස් කර ඇති බවද ඉදිරියේදී එය ක්‍රියාවට නංවන බවද කීය