වතු කම්කරු ජනතාවට රජය ලබාදුන් රුපියල් දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් අධිකරණයට ගිය බවත්, ඊයේ දින අධිකරණය ඒ සඳහා නෛතික අවසර ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
සියළුම වතු සමාගම් මෙම රුපියල් දහස ගෙවීමට නෛතිකව බැඳී සිටින බවද අමාත්‍යවරයා කීය.පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා නියං සමයේ කුඩා තේ වතු හිමියන්ට ලබා දී ඇති සහණාධාර සම්බන්ධයෙන් ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයේ ප්‍රථම වතාවට තේ,රබර්,පොල් ඇතුළු සුළු වැවිලි කර්මාන්ත සහ අපනයන භෝග වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් අයවැයෙන් වෙන් කර ඇත. පසුගිය වසරේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ඉල්ලුම් පත් ලබා දුන් සෑම අයෙකුටම නියං සහණාධාර ලබා දීමට රජය කටයුතු කළ බවද රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැහැදිළි කළේය.