පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දිගම වාරි උමගද ඇතුළත් ව දකුණු ආසියාවේ දිගම වාරි ඇල ලෙසත් ගැනෙන උතුරු මැද පලාත් මහ ඇලේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර සමස්ත ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් පසු උතුරු මැද, උතුරු, නැගෙනහිර පළාත්වල 15 ලක්ෂයකට අධික ජනතාවකට වාරි සහ පානීය ජල පහසුකම් සැපයීමට හැකි වේ.
උතුරු මැද මහ ඇළ යටතේ හුරළු වැවට ජලය ගෙනයාමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 3500ට පමණ ජලයලබා දිය හැක වන අතර මහව සහ ඇහැටුවැවව යන ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පවතින මහා වැව් හතකට හා කුඩා වැව් 350කට දෙකන්නයේම වගා කිරීම සඳහා අවශ්‍ය ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂා කරන බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.