ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගනු ලැබූ අවස්ථාවේ එම යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෝවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩ නිෂ්පාදනය,බෙදාහැරීම සහ පරිභෝජන ක්‍රියාවලිය විශාල බලපෑමකට ලක් වී ඇත. අපේ රටටද එය සෘජුව බල පා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අපනයනය කිරීම සඳහා අවශ්‍ය කන්ටේනර් බහාලූම් හෝ සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් බහාලූම් කන්ටේනරයකට අය කළ ගාස්තුද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවද කීය.
තවද ඛනිජ තෙල්, ගෑස් ආදී භාණ්ඩ වල මිළ ඉහළ ගොස් ඇති බවත් එහි දේශීය බලපෑමක් ඇතැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා, චීනය හැර අනෙක් සියලුම රටවල් අද කඩා වැටී ඇති බව සඳහන් කළේය. ලෝකයේ ඇති වී තිබෙන මෙම තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්ත කතිකාවතක් ඇති කර ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහෙත් අපේ රට නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කරමින් කොවිඩ් වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට කටයුතු කර ඇත.රජය සියළු ආනයනය අපනයන පාලනය කර ඇත්තේ කැමැත්තකින් නොවන බව පැවසූ අමාත්‍යවරයා නිදහසින් පසු ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොකළ ආකාරයෙන් පසුගිය රජය කටයුතු කළ බවද පැවසීය.
යහපාලන රජය අවසාන මාස 18 දී ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් සෛවරීත්ව බැඳුම්කර නිකුත් කර ඩොලර් බිලියන 6.5ක ගිනි පොළියට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් මුදල් ගෙන තිබේ. මෙය ඉතා විශාල මුදල් ප්‍රමාණයක් බව පැවසූ අමාත්‍යවරයා මෙය අපේ රට වැනි රටකට ඔරොත්තු නොදෙන බවත් පැහැදිළි කළේය. ඒ අනුව යම් යම් දිරි ගැන්වීම් ලබා දෙමින් වැඩි වැඩියෙන් රට තුළ නිෂ්පාදනය ඇති කළහොත් පමණක් රටට ඉදිරියට යා හැකි බවත් සෞභාග්‍ය කරා යා හැකි බවද සඳහන් කළේය.