ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගනු ලැබූ අවස්ථාවේ එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආනයන සහ අපනයන පනත යටතේ වන රෙගුලාසි නිසා තම අමාත්‍යංශය මුහුණ දී තිබූ විශාල ගැටළුවක් විසඳෙන බවයි. දේශීය අත් යන්ත්‍ර රෙදි නිෂ්පානය කඩා වැටීමකට කරුණු ගණනාවක් බල පෑ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සාරි, කොට්ටඋර, ඇඳ ඇතිරිලි ආදී විශාල රෙදි පිළි තොගයක් විදේශ රටවලින් මෙරටට ගෙන්වන බැවින් නියමිත තරගකාරිත්වය ලබා දීමට නොහැකි වූ දේශීය අත්යන්ත්‍ර කර්මාන්තය කඩා වැටුණු බවයි.
මේ හේතුවෙන් දේශීය අත් යන්ත්‍ර කර්මාන්තය දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කඩා වැටී ඇති බතික් කර්මාන්තය නැවත නගා සිටුවීමට රජය කටයුතු කරගෙන යන බවත් අනාගතයේදී දේශීය අත්යන්ත්‍ර නිර්මාණයට ලොකු ඉඩක් ලැබෙන බව පෙන්වා දුන්නේය.
දේශීය අත්යන්ත්‍ර කර්මාන්තයේ නියැලෙන්නන්ට රු 5000ක් දිරි දීමනාවක් ලබා දීමට රජය සැළසුම් කර ඇත.දහම් පාසල් ගුරුවරුන්ට වසරකට නිළ ඇඳුම් 76,000ක් අවශ්‍ය බවත් මෙම වසරේ සිට එම සාරි දේශීයව නිෂ්පාදනය කර ගුරුවරුන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමද දේශීය නිෂ්පාදකයන්ට ලබා දී ඇත.