එමෙන්ම පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග සම්බන්ධව සැහීමකට පත් නොවීම සහ මෙම ප්‍රහාරය දේශපාලන නාටකයක් බවට පත් කර ගැනීම සඳහා දැවැන්ත ලෙස දේශපාලනීකරණය වෙමින් පවතින වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව නොරහසක් බව ද ප්‍රකාශ කළ ඒ මහතා, එකී හේතුව නිසා මිට ඍජුවම සම්බන්ධ වී කටයුතු කළ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමිෂන් සභා වාර්තාව සහ කැබිනට් අනුකමිටුව හරහා එහි තිබෙන සවිස්තරව ලබා ගත හැකි පාඩම් සහ කරුණු ඉදිරිපත් කෙරෙන්නේ කෙසේ ද යන්න සඳහන් වාර්තාවත්, නීතිමය තත්ත්වයන් නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරියක් ලෙසටත්, සමාජය සහ අනිකුත් දේශපාලනිකමය වශයෙන් සිදු වීම් සම්බන්ධව කටයුතු කෙරෙන ආකාරය පිළිබඳවත් සවිස්තර කරුණු ඉදිරිපත් කිරීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වී ඇති බවත් ප්‍රකාශ කළේය.
ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධ කිසිඳු කරුණක් සැඟවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින්ට නීතිමය වශයෙන් දඬුවම් දීම පිළිබඳව සහ මෙවැනි ප්‍රහාරයක් නැවත අනාගතයේ සිදු නොවනන්ට වග බලා ගැනීමට වගකියන රජයක් ලෙස වත්මන් රජයට ඉතා විශාල වගකීමක් තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.