පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන හා කමිටු පිළිබඳ වත්මන් තත්වය හෙළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(06) දින පැවති විශේෂ මාධ්‍ය හමුවේදී රජයේ නිල වෙබ් අඩවිය(news.lk) ඇසු පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
ත්‍රස්තවාදය පිටු දැකීමට නව නීති සම්පාදනය, ත්‍රස්තවාදය මර්දනය සදහා නවීන තාක්ෂණය යොදා ගැනීම සඳහා නීති ඇතුලත් කරන ලෙස රජය විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කමිටුව විසින් යෝජනා කළ බවත්, ඒ අනුව අවශ්‍ය කටයුතු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ලබා දී ඒ සඳහා නීති සකස් කිරීමට නියෝග කළ බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් පැවසීය.
මෙහිදී ජනාධිපති කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් පැහැදිළි කරමින් අමාත්‍යවරයා පැවසුවේ කොමිෂන් වාර්තාවේ බොහෝ නිර්දේශවලට කමිටුව මගින් එකඟතාවය පළකර ඇති බවත්, අනාවරණය නොවූ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස සිය කමිටුව විසින් පොලිසියට නියෝග කර ඇති බවත්ය.