පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන හා කමිටු පිළිබඳ වත්මන් තත්වය හෙළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(06) දින පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්
දැක්වීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මෙන්ම අයි එස් මතවාදයට මුදල් සැපයීම් කළ, අයි එස් මතවාදය හා අන්තවාදී මතවාදයන් පැතිරවීමට පන්ති පැවැත්වූ පිරිස් එක්ව 75කට අධික පිරිසක් රැඳවුම් නියෝග මත තබාගනිමින් ප්‍රශ්ණ කිරීම් සිදු කරන බවත්, 211ක් රිමාන්ඩ් භාරයේ සිටින බවත්, එම 211 ඇතුළත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 32දෙනා සිටින බවත්ය.
මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන අපරාධකරුවන් පිළිබඳ සාක්ෂි ලැබී ඇති බවත්, එසේ වුවද විමර්ශන දිගින් දිගටම ගෙනයන බවත්,මෙම පිරිසට එරෙහිව නඩු පැවරීමට නීතිපති වෙත යවා ඇති බවත් වීරසේකර මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසුමකදී අමාත්‍යවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස නවුෆර් මවුලවි නැමැත්තා සහ හාජ්ජුර් අක්බාර් නැමැති තැනැත්තන් දෙදෙනා හඳුනාගෙන ඇති බවත් මේ වන විට ඔවුන් රිමාන්ඩ් භාරයේ සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී විමර්ශන හරහා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන්ද තමන් කටයුතු කඑනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය. තවද අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවලදී අන්තවාදයට සම්බන්ධ 54දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ වන විට 50 දෙනෙකු පමණ මෙරටට රැගෙන ආ බවත්ය.
මෙහිදී පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට දඬුවම් දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, නීතියේ තිබෙන හිඩැස් හරහා රිගා යාමට ඇති හැකියාව නැති කිරීම සඳහා රජය නිසි ක්‍රමවේදයක් සොයමින් සිටින බවත්, මේ හේතුවෙන් යම් කිසි ප්‍රමාදයක් ඇතිවී තිබෙන නමුත් නිසැකවම පාස්කු අපරාධකරුවන්ට දඬුවම් දීමට රජය පසුබට නොවන බවත්ය.