එම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් එළඹෙන අප්‍රේල් මස 17 වන දින පූර්ව භාග 07.16ට යෙදෙන සුභ මොහොතින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සිදුකිරීමට සූදානම් බවද සිහිපත් කළේය.
අප රටෙහි දේශීය ශාකසාර යොදා ගනිමින් නිපදවූ ඖෂධ වලින් සමන්විත මෙම හෙළ ඔසු මංජුසාව මෙවර අලුත් අවුරුද්දේදී නෑගම් යාමේදී නිවෙස් වලට ගෙනයාමටත්, දෙමාපියන්ගේ නිරෝගීභාවය වෙනුවෙන් භාවිතා කිරීමටත් හොද ඖෂධ එකතුවක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය.
ආයුර්වේද ඖෂධ ක්ෂේත්‍රයේ නව පුනරාගමනයක් ඇති කරමින් මුළු රට පුරාම විවිධ වැඩසටහන් මාලාවක් හදුන්වා දී ඇති අතර නීරෝග්‍යා නමින් අලුත් අවුරුදු නැකතට සමගාමීව දේශීය ඖෂධ පැල සිටුවීමේ වැඩසටහන යටතේ වසරක් තුළදී පැල දස ලක්ෂයක් සිටුවීමට අපේක්ෂිතය.
හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයත් සමග ගෙයින් ගෙට එනම් සෑම නිවසකම ඖෂධ පැලයක් රෝපණය කිරීමට කටයුතු කරන ලෙස රටේ දේශීයත්වයට ගරු කරන ජනතාවට ආරාධනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවදාරණය කළේය.
ආයුර්වේද සංස්ථාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනය යන සියල්ල ඉතා සමීප පරිශ්‍රයක් තුළ පිහිටා ඇති අතර එම නිසා මෙම ප්‍රදේශය දේශීය වෛද්‍ය ප්‍රවර්ධන කලාපයක් බවට පත්කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ඇරඹීමට අපේක්ෂිත අතර අප රටේ ඔසු වගා කරන්නන් හට ඒවා අලෙවි කිරීමට ස්ථානයක් ඇති කිරීමට සහ රට පුරා විසිරී සිටින දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ට ඖෂධ වර්ග මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමටද එනම් රට පුරා විසිරී ඇති මෙම ක්ෂේත්‍රයට අයත් ඖනෑම දෙයක් විකිණීමට සහ මිලදී ගැනීමට අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකරන නොනිදන ඖෂධ ගම්මානයක් බවට මෙම පරිශ්‍රය පත් කිරීම සදහා වූ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
රුපියල් පන්සියයක් වැනි සහනදායී මිලකට හදුන්වා දී ඇති මෙම හෙළ ඔසු මංජුසාවෙහි නිවසකට අවශ්‍ය කරන ඖෂධ රාශියක් අන්තර්ගතව ඇති අතර ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වෙළදසැල් මගින් මෙම සුවධර්ණී හෙළ ඔසු මංජුසාව ජනතාවට මිලදී ගත හැක.
මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වූ මාධ්‍යවේදීන් හට මෙම ඖෂධ මංජුසාව අමාත්‍යවරයා විසින් නොමිලේ ප්‍රධානය කළ අතර, මෙම අවස්ථාව සදහා අමාත්‍යංහ ලේකම් කුමාරි මහත්මිය, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී නීතීඥ සාගලා අභයවික්‍රම මහත්මිය ඇතුළු විද්වත් මඩුල්ලක් සහභාගී වූහ.