කථානායකවරයා මේබව පවසා සිටියේ ශ්‍රී ලංකා කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 9 වැනි පාර්ලිමේන්තුව සදහා නව නිලධාරී මඩුල්ලක් පත්කර ගැනීම වෙනුවෙන් (05) පැවැත්වූ විශේෂ රැස්වීමේදීය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය වන යුවාන් එලීනා මහත්මියද අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ හයිටි රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මතවෛද්‍ය කණ්ඩායමක් යැවීම සම්බන්ධයෙන් කථානායකවරයා මෙහිදී සිය ස්තූතිය කියුබානු රජය වෙත පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා “කියුබානු වෛද්‍යවරු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුවිසල් දායකත්වයක් ලබා දී ඇති බව මෙහිදී සඳහන් කිරීමට අමතක නොකළ යුතුයි. ඔවුන් වසර ගණනාවක් තිස්සේ අම්පාර සහ අනුරාධපුර රෝහල්වල සේවය කර ඇති අතර 2004 දී සුනාමියේ ව්‍යසනය අතරතුරදී ඔවුන් නැවත ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ප්‍රජාවට උපකාර කිරීමට ඉදිරිපත් විය. මෙම මිත්‍රත්ව සංගමය අපේ රටවල් දෙක සහ එහි ජනතාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයට සහ සහෝදරත්වයට වැඩි අවස්ථාවක් එක් කරනු ඇතැයි මම අපේක්ෂා කරමි. ’’ යැයිද පැවසීය.
මෙහිදී නව වැනි පාර්ලිමේන්තුවට අදාළව ශ්‍රී ලංකා කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාද තේරී පත්විය.
උප සභාපතිවරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,සාගර කාරියවසම් සහ අරවින්ද් කුමාර් යන මහත්වරුද භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතාද උපලේකම් ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද තේරී පත් විය.