උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනවාරි මස 21 වන දින නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවාය.
ඒ අනුව පාසල් ආරම්භ වී සති දෙකකට පසුව උපකාරක පන්ති ආරම්භ කළ හැකි බව එහි සඳහන් බවත්, පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම වශයෙන් 100දෙනෙකුට සීමාවිය යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
සෑම විටම ආසනයක දුර මීටරයක් පවත්වා ගත යුතු බවත්, ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවලදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවයෙන් සියයට 50ක් නොඉක්මවිය යුතුය.