එම අමාත්‍යංශය මගින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අප්‍රේල් 07 දින මේ බව තහවුරු කරයි.
ඒ අනුව ජාත්‍යන්තරව පිළිගන්නා N.V.Q මට්ටමේ සහතික පතක් ලබා දීමේ අරමුණින් සාගර විශ්ව විද්‍යාලය හා එක්ව පාඨමාලා රැසක් ආරම්භ කිරිමට අරමුණු කරගෙන ඇත.
ඒ අතර බෝට්ටු එන්ජින් අලුත්වැඩියාව, ස්කූබා පිහිනුම් හා දිය තුළ පෑස්සුම්, කළපු ජලජීවි වගාව,යාත්‍රා නියමු පාඨමාලාව, මුහුදු සිතියම් සන්නිවේදන උපකරණ භාවිතය, ධීවර ආම්පන්න තාක්ෂණය, පසු අස්වනු තාක්ෂණය, ආදි පාඨමාලා දිවයිනේ සාගර විශ්ව විද්‍යාල ශාඛා කිහිපයකදී එනම් මට්ටක්කුලිය, පානදුර, ගාල්ල, තංගල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, මීගමුව, මධ්‍යස්ථාන වලදි ආරම්භ කිරීමට සැළසුම්කර ඇත.