පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කතානායකවරයා විසින් (08) මීට මොහොතකට පෙර තීරණය කළේ ය.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් විවාදයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 05කට තාවකාලිකව නවතා දැමීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේ ය.
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධව පාර්ලිමේන්තුවේ අඳහස් පළ කිරීමත් සමඟ මෙම උණුසුම් වාද කරගැනීම් ආරම්භ විය.