පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    "සුරැකුමට පරිසරය" තේමාව කරගත් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වෙනිදා

    අප්‍රේල් 09, 2021

    "සුරැකුමට පරිසරය" තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව පැළ සිටුවීම සදහා අප්‍රේල් මස 16 වෙනි දින පෙරවරු 6.40 ට යෙදී ඇති සුබ මොහොතින් රාගම බෝයිස් ටවුන් ප්‍රදේශයේ අක්කර 6 ක භූමියක පැළ සිටුවමින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය පිටු දැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    "සුරැකුමට පරිසරය" වැඩසටහන යටතේ අවුරුදු හතරකදී පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන යටතේ මේ වසරේදී පැළ ලක්ෂ 05 ක් සිටුවීම පිළිබදව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

    ඒ අනුව කිලෝ මීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ පැළ ලක්ෂයක්ද, මග නැගුම ආයතනය මගින් පැළ 50,000 ක්ද, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් පැළ 50,000 ක්ද, "ගම සමග පිළිසදරක් වැඩ සමග යළි ගමට" වැඩසටහන යටතේ ග්‍රාමසේවා වසම් 14,022 හි ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති 30,000 ක් යටතේ පැළ ලක්ෂ 03 ක් සිටුවීමට සැලසුම් කර තිබේ.

    විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අවම මට්ටමක පවතින වන ඝනත්වය ඉහළ නැංවීමේ අරමුනින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ස්ථානවල වන රෝපනය සිදු කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ වන ඝනත්වය ඉහළ නැංවීමටද සැලසුම් කර තිබේ.

    මෙයට සමගාමීව ගෘහ ආර්ථිකයන් නැංවීම සදහා දිගු කාලීන ආර්ථික භෝග ලබා දීමටද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම ආයතනය හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මේ සදහා දායකත්වය ලබා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya