පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    වනාන්තර විනාශ සිදු කරන පිරිස් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව මෙහෙයුම්

    අප්‍රේල් 09, 2021

    බරපතල වනාන්තර විනාශ සිදු කරන පිරිස් හා එම සිදුවීම් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව මෙහෙයුම් කරන බවත්, නිරන්තරයෙන් එන වන විනාශ පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය විසින් නිරන්තර සොයාබැලීම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    “තිරසාර සංවර්ධන සංවාදය” නමින් පරිසර සංරක්ෂණය පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීම සදහා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමින් (08) දින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.


    වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ සුළු වන අපරාධයක් නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර සොයා බැලීම් සිදු කරන බවත්, තරමක විශාල වන අපරාධයක් නම් අදාළ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා සොයා බලන බවත්,ඉතා විශාල ප්‍රමාණයේ වන විනාශයක් නම් පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම් ක්‍රියාත්මක කරන බවත්ය.

    දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම විශේෂ කාර්ය බලකා කඳවුරක් පවතින බවත්, ඒ අනුව නිධන් හෑරීම් හා පුරා වස්තු කොල්ලකෑම් වැනි දේ සම්බන්ධයෙන් සොයාබලන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

    එමෙන්ම ඉදිරියේදී සිදුකිරීමට නියමිත වැටලීම් සඳහා ගුවන් හමුදාව සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට යෝජිත බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya