අද (09) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,699 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති. අද (09) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 127 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (09) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. ඔවුන් දෙහිවල සහ කොන්ඩවිල් යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (09) දින උදෑසන වනවිටශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 593 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (09) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයින් 9,899 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (08) දිනය තුල PCR පරික්‍ෂණ 5,555 ක් සිදුකර තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.