පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    සතොස වෙළෙඳසැල් ජාලය මඟින් රුපියල් දහසේ සහන මල්ල ජනතාවට ලබා දීම අඛණ්ඩව

    අප්‍රේල් 09, 2021

    භාණ්ඩ වර්ග 12 ඇතුළත් රුපියල් දහසේ සහන මල්ල අඛණ්ඩව ජනතාවට ලබා දීම මේ දිනවල සතොස වෙළෙඳසැල් ජාලය මඟින් සිදු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

    රතු කැකුළු කිලෝ 1, සුදු කැකුළු කිලෝ 1, සුදු නාඩු, රතු පරිප්පු ,සුදු සීනි ,ලුණු කැට, හාල් මැස්සො , තේ කොළ,සෝයා මීට් සහ මුහුණු ආවරණයක්ද ඇතුළත් මෙම සහන මල්ල සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් අසත්‍ය චෝදනා කරමින් රජයට සහ රාජ්‍ය ආයතනයන්ට ප්‍රහාර එල්ල කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    පරිභෝජනයට නුසුදුසු පරිප්පු මෙම සහන මල්ලේ ඇති බවට චෝදනා කරන බව කී අමාත්‍යවරයා, ජනතාවට ලැබෙන සහන වලක්වන මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේ ය. වෙළඳපොළ වටිනාකම රුපියල් 1300ක් පමණ වන මෙම බඩු මල්ල රුපියල් 1000 ක සහන මුදලකට ලබා දෙයි. පවතින අයහපත් ආර්ථික තත්වය හමුවේ වුවද ජනතාවට මෙම සහන ලබාදීමට පියවර ගෙන තිබේ.

    අලාභ ලබමින් සිටි රාජ්‍ය ආයතනය සතොස ආයතනය හරහා ලාබ ලබන තත්වයට පත් කර ඇත. වෙළෙඳපොළේ රුපියල් 40ට පැවති මුහුණු ආවරණ අද වන විට රු 14 ක මිලට අඩු කර තිබේ. SPC ආයතනය අභ්‍යාස පොත් සඳහා මිළ 20%ක් කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, සතොස ආයතනයේ වාහන මගින් සහරාන්ගේ බෝම්බ ප්‍රවාහනය කළ බවට සිදු කරන ප්‍රකාශයක් සම්බන්ධව ද ඉදිරියේදී වෝහාරික විගණනයක් සිදු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya