පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව සෑම විටම ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුයි- කතානායක

    අප්‍රේල් 09, 2021

    පාර්ලිමේන්තුව සෑම විටම ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ඊයේ දින ( 08) පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක් වූ සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද අදහස් දක්වමින්, ජෞෂ්ඨ මන්ත්‍රීවරයෙක් වශයෙන් තමා ඇතුළු මන්ත්‍රීවරු විරුද්ධ පක්ෂයේ සිටියදී වඩාත් ඉවසීමෙන් කටයුතු කළ බව පෙන්වා දුන්නේය. සෑම දෙනාම ස්ථාවර නියෝග අනුව කටයුතු කරයි නම් සභාව මෙවැන් තත්වයකට පත් නොවන බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කළ යුතු බවද සභානායකවරයා කීය.

    පසුගිය සඳුදා (05) දින, කථානායක, ආණ්ඩු පක්ෂය, විපක්ෂය සියළු දෙනා එක්වී ප්‍රශ්න 50කට පිළිතුරු දුන් දෙමින් මනා විනයක් පාර්ලිමේන්තුවේ පවත්වාගෙන ගිය බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, තවදුරටත් මෙම ගුණාත්මක තත්ත්වය තවදුරටත් ඇති කර ගත යුතු බවද කීය.

     

    මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් කණගාටු වන බවයි. පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන පරිදි පක්ෂ විපක්ෂ දෙපක්ෂයම හැසිරෙන බව සඳහන් කළ අමාත්‍යවරයා,ජාතික වැදගත් කමකින් යුතු කරුණුවලට පරිභාහිරව එදිනෙදා කරුණු ගෙන ඒ සඳහා අවධානය යොමු කරගෙන මන්ත්‍රීවරු ඉතා පහළ මට්ටමින් කටයුතු කරන බවයි.

     

    මෙලෙස පාර්ලිමේන්තුව තුළ එකිනෙකාට චෝදනා කර ගැනීමේ ඉඩක් අතීතයේ දී සිදු නොවූ බව සඳහන් කළ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුව යන උත්තරීතර ආයතනය මුළු රටටම ආදර්ශයක්ව පැවැතිය යුතු මොහොතක එකිනෙකාට ගෞරවයකින් තොරව මෙලෙස හැසිරීම වැළැක්වීම සඳහා ස්ථාවර නියෝග අකුරුටම ක්‍රියාත්මක කළ යුත බව අවධාරණය කළේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya