පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා - අධ්‍යාපන අමාත්‍ය

    අප්‍රේල් 09, 2021

    2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, 09වන දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
    එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දින ත් 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට ත් සැලසුම්කර තිබෙනවා.
    කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්වයකට පත්වුණා.

     

    සාමාන්‍යයෙන් වර්ෂයකට පාසලක් ක්‍රියාත්මක වෙනවා දින 200ක්. නමුත් මේ වර්ෂයේ ක්‍රියාත්මක වුණේ දින 150ක් පමණ. එය බස්නාහිර පළාතේ දින 130ට අඩු වී ඇත. මාර්ගගත ක්‍රමයෙන් මේ අඩුව සම්පුර්ණ කරන්න බාධාවක් වුණේ අන්තර්ජාල පහසුකම් දිවයිනේ හැම ප්‍රදේශයකටම එක ලෙස නොමැති වීම. ඒ අනුව බොහොම පරෙස්සමින් සාකච්ඡා කරලා තීරණවලට එළඹුණා යනුවෙන් ද පැවසීය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ද එක් විය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya