දශක කීපයක් පුරා හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් පීඩාවට පත් රජරට ජනතාව සුවපත් කිරීමේ ජනහිතකාමී කාර්යයේ පුරෝගාමීත්වය උසුළමින් ජනතාව අතර කථාබහට ලක්වීමට මහාචාර්ය චන්න ජයසුමනයන් ක්‍රියා කර ඇත.
එමෙන්ම රජරට කේන්ද්‍ර කරගෙන පැතිරුණු, හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳවද ඔහු දීර්ඝකාලීනව පර්යේෂණ සිදුකොට ජාතික ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍රවිය.
මෙම ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාව පානය කිරීමට ගන්නා ජලය බීමට සුදුසු මට්ටමක නොතිබීමත්, එම ජලයෙහි අඩංගු ඇතැම් රසායනික සංයෝග වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුවක් බවත් පසුකාලීනව සොයා ගන්නා ලදී.
මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාද සහභාගි විය.