අමාත්‍යවරිය මේ බව පැවසුවේ, කුරුණෑගල නව රෝහල ඉදි කිරීමේ කටයුතු පිළබඳ (09) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
ප්‍රධාන මාර්ග 05 ක් එකිනෙකට සම්බන්ධ වන කුරුණෑගල නගරයේ මෙම රෝහල පිහිටා ඇති බැවින් වෙනත් දිස්ත්‍රික්ක වලින්ද විශාල ජනකායක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනි වන කුරුණෑගල මහ රෝහල අක්කර 35 ක භූමි ප්‍රමාණය පිහිටා ඇත. මේ වන විට රෝහලේ ඇති ඇඳන් සංඛ්‍යාව 2374 කි. රෝහල තුල වාට්ටු සහ ඒකක 84 කි. ශල්‍යාගාර 06 කි. විවිධ රෝග වලට ප්‍රතිකාර කිරීමට සායන 65 ක් ක්‍රියාත්මක වේ. රෝහල තුල වසරකට ශල්‍ය කර්ම 14000 ක් පමණ සිදු කරනු ලබයි. 2020 වසරේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් සංඛ්‍යාව 165875 කි.
එම නිසා ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමට දැනට පවතින රෝහල වෙනුවට නව රෝහලක් ඉදි කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමාගේ ද අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම සාකච්චාවේදී පැවසීය.
මෙම සාකච්ඡාව සදහා වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ඡොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම් වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය නිලධාරීන්, කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියේය.