ෆේස්බුක් සමාජ ජාලාව තුළ 10-04-2021 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ අපරීක්ෂාකාරීව අධික වේගයෙන් කාර් රථයේ දොර කවුලු වල හිදගෙන තරුණයන් පිරිසක් රිය පදවන ආකාරය පෙන්නුම් කරන ඡායාරූප පෙළක් සංසරණය විය. ඒ සම්බන්ධව ඡායාරෑපය සහිත පැමිණිල්ලක් මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලැබී තිබිණි.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පෞද්ගලික අවධානය යොමු වූ අතර ඔවුන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පොලීසියට උපදෙස් ලබා දෙන ලදී.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය වැඩි වන බැවින් මෙම උත්සව කාල සීමාව තුළ අපරික්ෂාකාරීව, බීමත්ව හා මාර්ග නීති මාර්ග නීති වලට පටහැනි අයුරින් අධිවේගී මාර්ගයන් භාවිතා කරන අයට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිවේගී මාර්ගයන් තුල රාජකාරි කටයුතු වල යෙදී සිටින පොලීසිය දැනුවත් කරන මෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්,ඩබ්, රංජිත් පේමසිරි මහතාට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී