බුංගිරිය, යායින්න, වැල්ලදුර සහ බටහිර නුගවෙල යන ග්‍රාම නිලධාරී වසම් තුළ ජීවත් වන පවුල් 700 ක් සඳහා රුපියල් මිලියන 77 ක වියදමින් ඉදි කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය මගින් සුරක්ෂිත පානීය ජලය ලබාදීම සිදු කෙරේ.
කහවත්ත නගරයෙන් ඉහළ පිහිටි කඳුකර ප්‍රදේශයක් වන මෙම ගම්මාන වලට ජලය ලබාදීම සඳහා සුදුසු ජල මූලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් තොග සැපයුමක් ලබා ගෙන එම ජලය පොම්ප කර මිණිදියවර ජල පාරිභෝගික සමිතිය මඟින් නිවාස වෙත බෙදා හරිනු ලබයි.
මෙම ව්‍යාපෘතිය යටතේ පොම්පාගාර 2ක්, ජල පොම්ප කිරීමේ නල මාර්ග (1800m), ගබඩා කාමරයක් සහිත කාර්යාල ගොඩනැගිල්ල, ඝන මීටර් 100/ 80/80 ප්‍රමාණයේ ජල ගබඩා ටැංකි 3ක්, බෙදා හැරීමේ නල පද්ධතිය (14100 m) සමන්විත වේ.
තවද මෙම ගම්මානවල වැසිකිලි නොමැති සහ වල වැසිකිලි භාවිත කරනු ලැබූ නිවාස 76 ක් සඳහා පුද්ගලික වැසිකිලි ඒකක ඉදිකිරීම සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී වරුන ලියනගේ, පාර්ලමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියණිය වන සෙනාලි ජයසේකර, කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එම්. ජිනදාස, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, ජල සම්පාදන සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ රත්නපුර දිස්ත්‍රික් කළමනාකරු ඉංජිනේරු සමන් ගමගේ, නිවිතිගල සංවිධායක ආනන්ද පේමසිරි, මිණිදියවර ජල පාරිභෝගික සමිතියේ සභාපති අසංක පි. රණවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.