කොවිඩ්(covid) වසංගතය නිසා රැකියා හා ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන් සඳහා රජය මගින් සිංහල හා දමිළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000ක මුදල ගිරිබාව ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ බෙදා දීමේ ප්‍රථම අදියර ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුරතින් ගිරිබාව හෙට්ටිආරච්චි ගම දී සිදු කරන ලදී.
ගිරිබාව හෙට්ටියාරච්චි ගම ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේදී පැවති ජන හමුවේදී මෙම ප්‍රදානය සිදු කරන ලදී.
තවද මේ සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ගල්ගමුව ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපති අසංක නවරත්න යන මහත්වරුන්ද සහභාගි විය.
-