සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය(news.lk) කළ විමසුමකදී පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ මෙම පොලිස් නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රධාන නගරවල සෙනඟ ගැවසෙන තැන් තැන්වල යොදවා ඒ හරහා ගැටකපන්නන් හා මුදල් කොල්ලකෑම් වැනි නීති විරෝධී කටයුතු වැළැක්වීමට කටයුතු කරන බවත්, අලුත් අවුරුදු සමයේ පැය 24 පුරාවට මෙම නිලධාරීන් යෙදවීම ක්‍රියාත්මක බවත්ය.