පළා පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය කිරීමේ චාරිත්‍ර මෙලස අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමජිකයෝ එක්ව ඉටු කළහ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පුතුන් මෙන්ම අග්‍රාමාත්‍යතුමාගේ මුනුපුරු කේෂර රාජපක්ෂ සහ ලේලිවරුන්වන ලිමිණි රාජපක්ෂ සහ නිතීෂා රාජපක්ෂ මහත්මීන් ද අවුරුදු නැකත් චාරිත්‍ර සමඟ එක්වූහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව එම මාර්ගෝපදේශයන්ට ගරු කරමින් අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයෝ මෙවර අලුත් අවුරුදු චාරිත්‍රවල නිරතවීම විශේෂත්වයකි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට හා සහජීවනයේ සංකේතයක් යැයි කී අග්‍රාමාත්‍යතුමා සමස්ත රට වැසියන්ටම නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බව පැවසීය.
කාල්ටන් නිවසට වැඩම කළ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ සමස්ත රට වැසියන්ට සෙත් පිරිත් සඡ්ජායනා කරමින් ආශිර්වාද එක් කළහ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ සමීපතයෝ පිරිසක් එක්ව සිටියහ.