මෙලෙස කොළඹ වරායට සේන්දු වූ “INS RANVIJAY” නෞකාව දිගින් මීටර 146.2ක් හා නැව් මුළුව 425ක ගෙන් සමත්විත Destroyer වර්ගයේ යුද්ධ නෞකාවක් වේ. නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එන් හරිහරන් (Captain N Hariharan) මහතා විසින් (2021 අප්‍රේල් 15) බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන මහතා එම විධාන මූලස්ථානයේදී හමුවී දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.
මෙහිදී, කොවිඩ් 19 අවදානම් තත්වය හමුවේ රාජකාරී සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ භාවිතය සඳහා ඉන්දීය නාවික හමුදාව වෙතින් ලබා දුන් සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් කට්ටල සංඛේතාත්මකව බටහිර නාවික විධානයේ ආඥාපති වෙත භාර දීම සිදු කෙරුණු අතර, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
එමෙන්ම, මෙම නිල සංචාරයේදී “INS RANVIJAY” නෞකාවේ අණදෙන නිලධාරී විසින් බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක හමුදා අනුස්මරණ ස්මාරකය අබියස මල් කළඹක් තබා ගෞරවාචාරය පුද කිරීමට ද කටයුතු කළ අතර, මෙම අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ද සහභාගී විය.
කොළඹ වරායට සේන්දු වූ මෙම නෞකාව හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, තෙදින (03) නිල සංචාරය නිමා කරමින් මෙම නෞකාව 2021 අප්‍රේල් මස 16 වන අද දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.