කොහොන මහතා ඉකුත් 08 වනදා හෙනාන් පළාතේ සංචාරයක යෙදුණ අතරතුර නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා හා නියෝජ්‍ය නගරාධිපතිවරයා හමු වී ඇති අතර එහිදී මෙම එකඟතාවට පැමිණ තිබේ. නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා මධ්‍යම චීනයේ වැදගත් දුම්රිය හා මහාමාර්ග කේන්ද්‍රස්ථානයක් ලෙස එහි ඓතිහාසික හා වර්තමාන උපාය මාර්ගික ශක්තිය, විශේෂයෙන් බෞද්ධ සම්ප්‍රදාය ඇතුළු සංස්කෘතිය, අධ්‍යාපන අවස්ථා සහ ජාත්‍යන්තර සබඳතා ඇතුළුව සරුසාර හෙනාන් පළාතේ වර්තමාන ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව විස්තර කළේය.
ඉන්දියානු සාගරයේ තාරකාව ලෙස ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කළ එතුමා, අතීතයේදී ශ්‍රී ලංකාව සමඟ හෙනාන් ප්‍රාන්තයේ පැවති ශක්තිමත් බෞද්ධ සබඳතා සිහිපත් කළ අතර, අද වනවිට කෘෂිකර්මාන්තය, නිෂ්පාදනය, වෙළඳාම, බුද්ධාගම, සංචාරක කටයුතු සහ බලශක්තිය සම්බන්ධයෙන් ද ඒ හා සමාන සම්බන්ධතා ඇතිවනු ඇතැයි අපේක්ෂාව පළ කළේය.