රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) දින අභිනව ධුරයේ රාජකාරි භාරගනිමින් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ඉල්ලා සිටියේ, ජනතාව වෙනුවෙන් යහපත්, සාධාරණ හා යුක්තිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන ලෙසත් ඒ සඳහා නිවැරදි තොරතුරු භාවිතා කරන ලෙසත්ය.
කවර හෝ රටක ප්‍රගමනයේදී අතිශය වැදගත් සාධකයක් ලෙස තොරතුරු, ප්‍රවෘත්ති හා දැනුම නම් කළ හැකි බවත් දැනුම හා තොරතුරු පාලනය කරන්නා හට රටත් ජනතාවත් පාලනය කළ හැති බවත්, නිවැරදි තොරතුරුවලින් ජනතාව සන්නද්ධ කරන ප්‍රමාණයට ජනතාව නිවැරදි තොරතුරු ගන්නා බවත්, ඒ නිවැරදි තොරතුරු හරහා පවත්නා ආණ්ඩුවේ ආර්ථික, සමාජයීය හා දේශපාලනික ප්‍රතිපත්ති සාර්ථක කරගැනීමට හැකියාවක් පවතින බවත්, මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් පැවසීය.
එම නිසා නිවැරදි තොරතුරු ලබා දෙමින් ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යභාරය ප්‍රශස්ත මට්ටමට දියුණු කරගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.