මෙහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශයේ නිලධාරීන් අමතා ඔවුන්ට සුභ නව වසරක් ප්‍රාර්ථනා කළ අතර ධීවර අමාත්‍යාංශය මේ රටේ ජාතික ආර්ථිකය ගොඩ නැගීමට මෙම වසර තුළ විශාල දායකත්වයක් දැරිය යුතු බවත්, ඒ සඳහා පසුගිය කොරෝනා සමයේ ධීවර ජනතාවට එල්ල වූ බරපතල ගැටලු සියල්ල විසඳා ගැනීමට අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට සුවිශේෂී වැඩ කොටසක් කිරීමට තිබෙන බවත්, ඒ සියල්ල විසඳීමට අවශ්‍ය ආත්ම ශක්තිය, ධෛර්යය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ලැබේවායි ප්‍රාර්ථනා කළේය.
මෙහිදී සභාව ඇමතූ ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටියේ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් මේ රටේ ධීවර ජනතාව වෙනුවෙන් අතිවිශාල සේවයක් අමාත්‍යංශය හා අමාත්‍යංශය සතු ආයතන තුළින් සිදු කරන බවත්, අපේ රටේ සම්ප්‍රදායට ගරු කරමින් චාරිත්‍රානුකූලව අමාත්‍යාංශයේ වැඩ කටයුතු ආරම්භ කරන අද දින ධීවර ප්‍රජාව වෙනුවෙන්
අතිමහත් වූ සේවයක් කිරීමට අමාත්‍යංශ ලේකම්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුලු සියළු නිලධාරීන්ට නව වසරේ සුභ ප්‍රාර්ථනා කරන බවද පැවසීය.
මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න, නාරා ආයතනයේ සභාපති මහාචාර්ය නවරත්න රාජා, ධීවර සංස්ථාව සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් දවුලගල, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති විශ්‍රාමික කපිතාන් නිහාල් කැප්පිටිපොල යන අය ඇතුලු අමාත්‍යංශයේ නිලධාරීන් එක්ව සිටියහ.