ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ''වරාය නගරයේ ඇත්ත බොරුව '' නමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද(19) දින පැවති සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ඉදිවන වරාය නගරය මූලික කරගෙන ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කටයුතු කෙරෙන බවත්, එවන් මධ්‍යස්ථානයක් ඉදි කිරීම හරහා කලාපයේ බේරුම්කරණ නීති කෘත්‍යයන් සිංගප්පූරුවට ගෙන නොගාස් මෙරට සිදු කිරීම හරහා මෙරට නීති වෘත්තිකයන්ට පවා වාසි දායක තත්වයක් ඇති බව බවත්, බේරුම්කරණ නඩු හරහා මෙරටට විදේශ විනිමයක් ඉපැයීමට හැකියාවක් ඇති බවත්ය.
දේශීය ආයෝජකයන්ට වරාය නගරයේ අයෝජන කටයුතුවලට සහභාගි වීමට අවස්ථාවක් ඇත්තේද යන්න මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, විදේශීය ව්‍යාපාර සිදු කරන හෝ විදේශීය මුදල් උපයන දේශීය ව්‍යවසායකයන්ටද මෙම නගරයෙහි ඉඩක් පවතින බවයි.