පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයවලුන් සිහිකරමින් අප්‍රේල් 21 දා සිදුකෙරෙන දේව මෙහෙයන් සඳහා යොදවන ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසීය.
මේ සඳහා වන විශේෂ පණිවිඩය පොලිස් මූලස්ථානය මගින් ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර ඇති අතර මෙම දේවස්ථානවල පූජකතුමන්ලා හමුවී තිබෙන අවශ්‍යතාවය අනුව සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය මගින් උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම එම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අධීක්ෂණයක් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් වෙත පොලිස් මූලස්ථානය මගින් දැනුම් දී තිබෙන බවද නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.