පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහේල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා කවුන්සිලය මගින් ජාතික ක්‍රීඩා සැළැස්මක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ප්‍රථම වතාවට වෘත්තීමය වශයෙන් ක්‍රීඩකයින් ගිවිසුම්ගත කිරීම ආරම්භකර ඇතැයි සඳහන් කළේය.
නොයෙක් ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින් 59 දෙනෙකු පළමු වටයේදී ගිවිසුම් ගත කරන අතර දෙවන වටයේදී තවත් ක්‍රීඩකයින් 50 දෙනෙකු ගිවිසුම්ගත කිරීමට බලාපොරොත්තු වන බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය. ක්‍රීඩකයන් හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, ක්‍රීඩා පෝෂිත පාසල් නම් කර ක්‍රීඩාව මුල් කරගනිමින් දරුවන් එම පාසල් වලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවද කීය.
මෙවර අයවැයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට වෙන් කළ මුදලින් 20%ක්, ක්‍රීඩකයා සහ පුහුණුකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා වෙන් කර ඇතැයිද ලබන වසරේදී එය 25% දක්වා වැඩි කරමින් 2025 වසරේදී 50% දක්වා වැඩි කර, යටිතළ පහසුකම් මෙන්ම ක්‍රීඩකයා සහ මානව සම්පත වෙනුවෙන් 50%ක් වැය කිරීමට කටයුතු කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යපන අමාත්‍යංශයත් ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ව පාසල් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා විවිධ කටයුතු සංවිධානය කර ඇති බවත් එළඹෙන මැයි මාසයේ සිට එක් එක් දිස්ත්‍රික්ක වල පාසල් ක්‍රීඩකයින් හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් ගෙන යන බවත්,අඩි 5 අඟල් 10 උසැති දරුවන් කෙරෙහි විශේෂ අවකාශය ලබා දෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය