පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරාල මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහාන් කළේය.
තවද ඉදිරියේදී ගුරු පත්වීම් ලබා දීමේ දී, ගුරුවරයා සිටින ප්‍රදේශයටම විශේෂිත ගුරු පත්වීමක් ලෙස ලබා දෙන බවත් එවිට , ගුරුවරයා ජීවත් වන තුරුම ඒ පාසලටම සේවය කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේම පදිංචි ගුරුවරු එම පාසලට පත් කිරීමටත් ගුරුවරයාට තම නිවසේ සිටම පාසලට ගිය හැකි බවද සඳහන් කළේය.
විද්‍ය පීඨ ගුරුවරු 4500ක් මෙම වසරේ පත්වීම් ලබා දෙන බවත් ලබන වසරේ විද්‍ය පීඨ පත්වීම් 6000ක් ලබා දෙන බවත් කී අමාත්‍යවරයා, ඒ අනුව පවතින ගුරු පුරප්පාඩු පිරවිය හැකි බවද කීය. විද්‍යා හා ගණිත ගුරුවරුන් පාසල්වලට විද්‍යාත්මක ආකාරයට යොමුකිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දිනවල අරඹන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය. ගණිත හා විද්‍යා ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙනම සමීක්ෂණයක් මෑතකදී පැවැත්වූ බව කී ඇමතිවරයා ගුරුවරුන්ගේ තුලනයේ ප්‍රශ්නයක් තිබෙන බව එහිදී පෙනී ගිය බව ද සඳහන් කළේය. විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ හිඟයක් රටේ නැතැයි ද රටේ අවශ්‍ය තරම් ගණිත හා විද්‍යා ගුරුවරුන් සිටින්නේ යයිද මහාචාර්ය වරයා කීය