පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    කීරි සම්බා සහ අනෙකුත් සම්බා මිල ඉහළ යෑම වැළැක්වීමට ඉදිරි දිනවල විසඳුමක්- වෙළෙඳ අමාත්‍ය

    අප්‍රේල් 20, 2021

    කීරි සම්බා සහ අනෙකුත් සම්බා මිල ඉහළ යෑම වැළැක්වීමට ඉදිරි දිනවල විසඳුමක් ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    නාඩු, සම්බා සහ කැකැළු සහල් මිල උත්සව සමයේ රු 100 ට වඩා අඩු මිලට ලබා දුන් බවත්, පාලනය කළ නොහැකි වූයේ කීරි සම්බා මිල පමණක් බවත් වෙළෙඳ අමාත්‍යවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කෘෂි කර්ම අමාත්‍යංශය හරහා ඉතා තරඟකාරී මිලට වී මිලදී ගැනීම් සිදු කළ බවත් සතොස සහ සමූපකාර ආයතන සඳහා සහල් මිල දී ගැනීම් සිදු වන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය හරහා බවත් පැහැදිළි කළ අමාත්‍යවරයා, මෙම රජය රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ යැයි ද පැවසීය.

    පසුගිය ආණ්ඩුව විවිධ තර්ජන වලට බියෙන් වී මිලදී නොගත් බව සඳහන් කල අමාත්‍යවරයා රජය එවැනි තර්ජන වලට බිය නොවන බවද කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya