පසුගිය උත්සවය සමය හේතුවෙන් මේ වන විට කොවිඩ් 19 නැවත පැතිර යාමේ අවධානමක් ඇතිව තිබුණ ද ඊට මුහුණ දීමට සෞඛ්‍ය අංශ කටයුතු සිදු කරමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් අමාත්‍යවරයා කියා සිටියි.
අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් 19 වසංගතයේ පළමු හා දෙවන රැල්ල පාලනය කළ ආකාරයටම එය සෞඛ්‍ය අංශයට පාලනය කළ හැකි බවත්,රජය ඒ සම්බන්ධයෙන් දැඩි පසු විපරමකින් පසුවන බවත් ඇමතිවරයා පැවසීය.
එසේම, එළඹෙන සතිය තුළ කොවිඩ් එන්නත්කරණයේ දෙවන මාත්‍රාව ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, අප්‍රේල් මස 29 වන දිනට පළමු එන්නත්කරණයේ මාස 03 ඉකුත්වන බවත්, ඉන් පසුව දෙවන අදියර ක්‍රියාත්මක කිරිමට රජය සතුව එන්නත් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දෙවන එන්නත්කරණය සඳහා එන්නත් නොමැති බවට පැතිර යන තොරතුරු පදනම් විරහිත බවත්, ඒ දසම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත නොමැති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, දෙවන මාත්‍රාව ලබා ගැනීමට නියමිත සියලු දෙනාටම එම එන්නත ලබා දීමට එන්නත් රජය සතුව පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.