කොවිඩ් 19 වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ අවදානමකට මුලපිරීමට හැකියාවක් ඇති බැවින් මැයි දිනය (මැයි 1) පැවැත්වීමට ඇති හැකියාව සබැදිව සාකච්ඡාවක් අද දින (20) කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේදී සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද හමුදා පති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී දැනට ශ්‍රි ලංකාවේ කොවිඩ් පැතිරීම සහ ව්‍යප්තිය සැළකිල්ලට ගෙන, සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගත්වය පරිදි සියලු පක්ෂ වල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට ඒකමතිකව තීරණය කරන ලදී
පවතින තත්ත්වය අනුව මැයි දින පෙළපාලි හා රැස්වීම් නොපැවැත්වීම සුදුසු බවට වෛද්‍ය විශේෂඥයින්ගේ මතය වී තිබෙන බවද යුද හමුදාපතිවරයා පක්ෂ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළේ ය.
අප තීරණයක් ගන්නාවා නම් තියනවා කියල එය අවධානමක් ගන්නවා කියන එකයි. රටේ පවතින තත්ත්වය අනුව මෙය නොපැවැත්වීම සුදුසුම තීරණය බව ද පෙන්වා දුන් යුද හමුදාපතිවරයා, සාමුහික තීරණයක් අනුව මෙය පවත්වන්නේ නැතිව සිටීමට තීරණය කළ හැකි බවද පැවසීය.