රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(20) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී වරාය නගරය තුළ විදේශීය ව්‍යවසායකයන්ට ලබාදෙන ආකාරයේ පහසුකම් දේශීය ව්‍යවසායකයන්ට ලබා දෙන්නේ දැයි මාධ්‍ය කළ විමසුමකදී ඒ මහතා මේ බව පැවසීය.
රටේ පවතින යම් යම් රෙගුලාසි හේතුවෙන් ව්‍යවසායකයන් ව්‍යවසායකත්වයට එළැඹිමේදී විවිධ අපහසුතාවලට මුහුණ දෙන බවත්, මෙම රෙගුලාසි හරහා දමා තිබෙන බාධක ඉවත්කර මෙරටේ ව්‍යවසාකයත්වය පහසු කටයුත්තක් කළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.
විවිධ අනුමැතීන් විවිධ ආයතනවලින් ලබාගැනීම වෙනුවට එක් ස්ථානයකින් සියලුම අනුමැතියන් හා අවසරයන් ලබා ගැනීම සඳහා වන්ස්ටොප් සංකල්පය මීට පෙර රජයන්ද ක්‍රියාත්මක කළ බවත්, ආයෝජන මණ්ඩලය පවා බිහිවූයේ මෙම සංකල්පය යටතේ බවත්, වරාය නගරයේ ඇතිකළ මෙම වන්ස්ටොප් සංකල්පය එනම් එක් ස්ථානයකින් සියලුම අනුමැතියන් ලබා ගන්නා ක්‍රමය රට තුළද ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තුවෙන් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.