පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ධිවර අංශය සවිබල ගැන්වීමට නව අවස්ථා කෙරෙහි අවධානය

    අප්‍රේල් 21, 2021

    ශ්‍රී ලංකාවේ ධිවර අංශය සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය නව අවස්ථා කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, නෝර්වේ රාජ්‍යය විසින් සිදු කෙරෙන  පර්යේෂණ ව්‍යාපෘති අපගේ සමස්ත ධීවර ක්ෂේත්‍රයටම මහඟු අවස්ථාවක් වන බවත් ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    ධීවර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ සාගර පරිසරය හා ජලජීවී ක්ෂේත්‍රය තුළ පර්යේෂණ කටයුතු කරගෙන යාම සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතනය (නාරා) හා නොර්වේ රජයේ ධීවර පර්යේෂණ ආයතනය අතර වසර 03ක කාලයක් තුළ පවත්වාගෙන ගිය ගිවිසුමේ දෙවන අදියර සඳහා ගිවිසුම්ගත වීමේ උත්සවයට අප්‍රේල් 20දින එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර දිගු කාලීන ද්වි පාර්ශවික ධිවර සබඳතා හරහා මෙරට ධිවර ජනතාවගේ ජීවනෝපාය තහවුරු කිරීමට ඉවහල් වන බවත්, ඒ හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටුවහලක් වූ බවත්, ධිවර කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    නෝර්වේ රාජ්‍යය දිගු කාලයක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේ සහයෝගිතා සහකරුවකු ලෙස සිටිමින් මෙරටට උපකාර කළ බවත්, ධීවර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ සාගර පරිසරය හා ජලජීවී ක්ෂේත්‍රය තුළ පර්යේෂණ කටයුතු කරගෙන යාම සඳහා අත්සන් කළ ගිවිසුම එකී සහයෝගීතාවයෙහි වැදගත් සංධිස්ථානයක් බවත් ධිවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya