එළඹෙන මැයි මස මුල් සතියේ සිට, පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයිද අමාත්‍යවරිය සඳහන් කළාය.
කොවිඩ් පාලනය කිරීම සඳහා මෙරට ජනතාව වෙත ලබා දුන් ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා (කොවිෂීල්ඩ්) එන්නත භාවිතය මේ වන විට අත්හිටුවා තිබෙන්නේද යන්න පිළිබඳව ස්ථාවර නියෝග 2/27 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ කලාතුරකින් ඇති වන අසාත්මික තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීම තුළන් මෙරට තුළ සාර්ථකව සිදු කරන එන්නත්කරණ වැඩ පිළිවෙළ පලුදු විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
සෞඛ්‍ය අංශ ලබා දෙන එන්නත මහජනතාව ලබා ගන්නේ විශ්වාසයෙන් බවත් එහෙත් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීම හරහා මහජන විශ්වාසය පළුදු විය හැකි බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය සඳහන් කළේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් පමණක් නොව ඕනෑම එන්නතකින් සංකූලතා හටගත හැකි බවයි. දැනට භාවිතා වන බොහෝ එන්නත් ලබා දීමෙන් පසුව ලක්ෂයකට ඒක අයෙකුට අසාත්මිකතා ඇති විය හැකි බවත් ඉතා කලාතුරකින් මරණීය තත්වයක් ඇතිවිය හැකි බවද අමතාවරිය සඳහන් කළාය.
එන්නත් ලබා දීමේදී රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළ අමාත්‍යවරිය එන්නත ලබා ගැනීමෙන් පසු යම් සංකූලතාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධව දැනුම් දීමට පැය 24 පුරාම ක්‍රියාත්මක 0113415985 යන දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. මෙවැනි රෝගින් සඳහා කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ඒකකයක් සූදානම්ව පවතී. අසාත්මික තත්වයන් කලින් හඳුනා ගැනීම සඳහා එන්නත්කරණය පෙර ජනතාව මේ පිළිබඳව දැනුවත් කරනු ලැබේ. එන්නත්කරණයට දින 04කට පසු හිසරදය, උගුරේ වේදනාව, පපුවේ වේදනාව ඇත් නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දැනුවත් කර ඇත. දීර්ගකාලීන සංකුලතා ඇති රෝගීන් හඳුනාගැනීමටද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කර ඇත
තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය (Epidemiology Unit) විසින් නිකුත් කරනු ලබන තොරතුරුවල සහ, රසායනාගාර මගින් සිදු කරනු ලබන පරීක්ෂණවල දත්ත අතර කිසිදු පරස්පරතාවයක් නොමැති බවද අමත්‍යවරිය අවධාරණය කළාය.
ඇතැම් රෝගින් රෝහල් කිහිපයකින් pcr පරීක්ෂණ සිදු කරන බැවින් එකම රෝගියා තැන් කිහිපයකින් වාර්තා වන බවත් එම ප්‍රතිඵල වෙන වෙනම වසංගත රෝග විද්‍යා අංශය මගින් පරීක්ෂා කරන බවද අමාත්‍යවරියා පැවසුවාය.
වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන නිල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල තොරතුරු වන අතර එම තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබේ. මෙම කටයුතු ඉතා කාර්යක්ෂමව සහ කෙටි කාලීනව සිදු කරන බවද අමත්‍යවරිය අවධාරණය කළාය.