ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනය විසින් 2021 වර්ෂයේ දී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වා දෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය පිළිබඳව නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳව විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , තහනම් උත්තේජක පරීක්ෂාව සඳහා මෙරට ඇති පර්යේෂණාගාරයා දකුණු ආසියාවේ ඉහළම පහසුකම් වලින් සමන්විත රසායනාගාරයක් බවට පත් කිරීමට පසුගිය මාස කිහිපය තුළ හැකි වූ බව යි.
ක්‍රීඩා ක්ෂේත්‍රය, ශාරීරක සුවතාව සඳහා ක්‍රීඩාව, ජාත්‍යන්තරය ජය ගත හැකි ක්‍රීඩා සහ ක්‍රීඩා ආර්ථිකයක් මෙරට තුළ ඇති කිරීම සහ e sports යන ක්ෂේත්‍ර සඳහා විශේෂ අවධානය යොමු කරමින් මනා කළමණාකාරිත්වයක් සමග ඉදිරියේ දී කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. මෙය රටේ ක්‍රීඩාව හරි අතට ගමන් ගන්නා කාලයක් බවත් රටේ විවිධ ස්ථානයන්හි පිහිටි කාය වර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිකිරීමේ මූලික වැඩපිළිවෙළ ද මේ වන විටත් ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. තවද ක්‍රීඩා සංගම් නියාමනය කිරීම සහ ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන් ප්‍රමිතිගත කිරීමටද කටයුතු කරනබවද කීය.
මත්ද්‍රව්‍ය අද සමාජයට එල්ල වී ඇති විශාල තර්ජනයක් බවත් මත්කුඩු සහ කොකේන් වැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ විශාල තරුණ පිරිසක් මෙරට සිටින බව කී අමාත්‍යවරයා තහනම් උත්තේජක භාවිතා කළ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තරය තරණය කිරිමේ බලාපොරොත්තුවක හෝ ලබා දිය යුතු නැති බවත් විනයානුකූල අනාගත පරපුරක් මෙරට බිහිකිරීම ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.